Life
පිළිකා රෝගයට මෙම කරුණු හේතුවේ
* ඔබ දන්නවාද?
පිළිකා සඳහා අවදානම් තත්ත්වයන් වනුයේ -
1. දුම්කොළ සහ දුම්වැටි භාවිතය
* හෘදයාබාධ, ශ්වසන රෝග, ආඝාතය (පැත්තක් පණ නැතිව යැම) හා පිළිකා ඇති කරයි.
* පෙණහලු හා මුඛ කුහරයේ පමණක් නොව අනෙකුත් ඉන්ද්රියන්ගේද පිළිකා ඇති කරයි.
* පිළිකා වැළැක්වීමට හැකි ප්‍රධානතම ක්‍රමයක් වන්නේ දුම්බීමෙන් හා දුම්කොළ භාවිතයෙන් වැළැකීමයි.
* වළක්වාගත හැකි පිළිකාවන්ගෙන් 50% ක්ම දුම්වැටි හා දුම්කොළ ආශ්රිත නිෂ්පාදන භාවිත නොකිරීම මගින් වළක්වා ගත හැකිය.
2. බුලත්විට කෑම
*
බුලත්විටෙහි ඇති දුම්කොළ, පුවක් හා හුණු මුඛයේ, ග්රසනිකාවේ හා ගලනාලයේ
පිළිකා ඇති කිරීමට උපකාරී වේ. මෙයට අමතරව පුවක් ආශ්රිත නිෂ්පාදන භාවිතයද
(බාබුල්, බීඩි වැනි) මුඛ පිළිකා ඇති කරයි.
3. මද්‍යසාර පානය
* මද්‍යසාර භාවිතය මුඛයේ, ග්රසනිකාවේ, ස්වරාලයේ, ආමාශයේ, අක්මාවේ, මහාන්ත්‍රයේ හා පියයුරු ආශ්රිත පිළිකා ඇති කරයි.
මද්‍යසාර භාවිතයෙන් පිළිකා ඇතිවන්නේ කෙසේද?
එහි
ඇති සංඝටක මුඛයේ, උගුරේ, ආහාර මාර්ගයේ හා අක්මාවේ සෛලවලට හානි පමුණුවයි.
එම පටක අලුත්වැඩියා වීමේදී ජානවල වෙනස්කම් ඇතිවේ. එය පිළිකාවක් ඇතිවීමේ
මුල් පියවර වේ.
ඔබ දැනටමත් දුම්කොළ, දුම්වැටි, බුලත්විට හා මද්‍යසාර භාවිත කරන්නේ නම් වහාම ඉන් මිදෙන්න.
ඒවා භාවිත නොකරන පුද්ගලයෙක් නම්, එම යහපත් පුරුදු දිගටම පවත්වා ගන්න.
4. සෞඛ්‍යයට අහිතකර ආහාර පුරුදු
* අහිතකර ආහාර පුරුදු පිළිකාවන් රැසකට හේතු වේ.
* සෞඛ්‍යදායී සමබල ආහාර වේලක් ගැනීමෙන් පිළිකා ඇතුළු බෝ නොවන රෝග බොහෝ ප්‍රමාණයක් වැළඳීමේ අවදානම අඩු කරයි.
සෞඛ්‍යදායී ආහාර වේලක් කෙසේ විය යුතුද?
* විවිධ වර්ණවලින් හා රසයෙන් යුත් ස්වභාවික එළවළු, පලතුරු හා පලා වර්ග බහුලව ආහාරයට ගන්න.
* පුද්ගලයාගේ උසට සරිලන බර පවත්වා ගැනීමට හැකි පරිදි පිෂ්ටය සහිත ආහාර නියමිත ප්‍රමාණයෙන් ආහාරයට ගන්න.
* හිතකර මේදය බහුලව ඇති මාළු ආහාරයට එකතු කරගන්න.
* මස්වල අඩංගු මේදය හා සම ඉවත් කර ආහාරයට ගන්න. රතු මස් වර්ග ආහාරයට ගැනීම සීමා කරන්න.
* සොසේජස්, මීට් බෝල්ස් වැනි සකසන ලද මස් භාවිතයෙන් වළකින්න.
* යොදය සහිත කිරි, බටර් වැනි සංතෘප්ත මේදය අඩංගු ආහාර සීමා කරන්න.
* තෙල්, සීනි සහ ලුණු බහුල ආහාර භාවිතය සීමා කරන්න.
* සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශිත ආහාර පිඟාන සෞඛ්‍යදායී ආහාර වේලක් (ප්‍රමාණය හා සංයුතිය) සඳහා මග පෙන්වයි.
5. ශාරීරික ව්‍යායාම නොමැතිකම
ව්‍යායාම කිරීමෙන් ඔබට පිළිකා ඇතිවීමේ අවදානම අඩුවේ.
(විශේෂයෙන් මහාන්ත්‍ර, පියයුරු හා ගර්භාෂ පිළිකා)
* ළමයින් සහ යෞවනයන් දිනපතා පැයක් ශාරීරික ක්‍රියාකාරකමක හෝ ව්‍යායාමයක යෙදිය යුතුය.
* වැඩිහිටියන් හා වයස්ගත වූවන් දිනකට විනාඩි 30 බැගින් සතියකට දින 05 ක් ව්‍යායාමයක හෝ කය වෙහෙසා කරන කාර්යයක නිරත විය යුතුය.
* ශාරීරික ව්‍යායාමයක් එක් දිනකදී නොකඩවා කළ නොහැකි නම් එය විනාඩි 10 ක් හෝ 15 කොටස් ලෙස වෙන් කර සිදුකිරීමට පුළුවන.
6. මානසික ආතතිය
* මානසික ආතතිය ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අහිතකර ලෙස බලපෑම් මගින් පිළිකාවලින් ආරක්ෂා වීමේ හැකියාව අඩුකරයි.
* මානසික ආතතිය නිසා පුද්ගලයින් දුම්බීම, වැඩිපුර ආහාර ගැනීම, මද්‍යසාර පානය වැනි අහිතකර පුරුදුවලට යොමුවිය හැකිය.
මානසික ආතතියෙන් වැළකීම සඳහා
* ආගමික කටයුතුවල යෙදෙන්න.
* සමාජශීලී වෙන්න.
* විනෝදාංශවල යෙදෙන්න.
* ඉහිල්වීමේ ව්‍යායාම්වල යෙදෙන්න.
මානසික ආතතිය අඩුකරගෙන පිළිකාවෙන් ආරක්ෂා වෙමු.
7. පරිසර දූෂණය
* පරිසර දූෂණය හේතුකොට ගෙන පිළිකා ඇතුළු සෞඛ්‍ය ගැටලු බොහොමයක් ඇති විය හැකිය.
* අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා අතරම කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය, විකිරණ හා විෂ දුම්වලට නිරාවරණය වීම අවම කිරීමද වැදගත් වේ.
* පරිසර දූෂණය වළකා පිළිකාවෙන් ආරක්ෂා වෙමු.
සෞඛ්‍යමත් ජීවන රටාවක් සඳහා තවත් තොරතුරු ඔබට ආසන්නවම ඇති සුවදිවි මධ්‍යස්ථානයෙන් ලබාගත හැකිය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks